Monday, January 3, 2011

නොලියමි තවත් කවි
හිමි කර ගන්න
සදවත
කවි ලියූමුත් බොහෝ දෙන
හිමි කර ගන්න සද
නොහැකි වුනි කිසි දිනෙක
ලං වන්නවත් සදට
මට මෙන්ම
ඉතිං මා කුමටද
පෙම් කරන්නද සදට
නොලියමි තවත් කවි
සදට
ගලපන්න සිතෙ මට
කවි පෙලක් දිලෙන තනි තරුවකට
අයිති මටම විතරක් නිසා
ඒ තනි තරුව

1 comment:

- said...

කවියකින් හැකිය
සිහිනයකට ලංවන්න
යම් විටෙක සිහිනයකට හැකිය
සැබෑවක් වන්නට

සඳට
තනි තරුවකට
ගලපනා කවියක්
නොලැබෙනා දෙයකට
මවන සිහිනම නොවේමය

හිමි නොවන මුත් සඳවත
සිහින දකිනා මඟ
මඟ හරින්නේ කුමකටද

සඳ ඉල්ලා හඬා
පල නැත
බැවිනි
සඳ අයිති අහසට